Thursday, June 19, 2025

ඊශ්‍රායලයේ බස් රථ රැසක් ගිනිබත් වෙයි

 


යුද ගැටුම් මධ්‍යයේ ඊශ්‍රායල් ආරක්ෂක තත්ත්වය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් යාවත්කාලින කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නාගරික කලාපයන් ඉලක්ක කර එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ඊයේ (17) දවසේ සහ රාත්‍රිය මුළුල්ලේ ක්‍රියාත්මක වූ බවයි.

එයින් කිහිපයක් හැර අනෙක් සියල්ල සම්පුර්ණයෙන් විනාශ කිරීමට ඊශ්‍රායිල් ආරක්ෂක අංශ සමත්වූ බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයේ තානාපති නිලධාරීන් බොහෝ දෙනෙක් පදිංචිව සිටින ටෙල් අවිව් නගරයට උතුරින් පිහිටි හර්සිලියා නාගරික ප්‍රදේශයේ බස් ඩිපෝවක් අසලට ඉරාන බැලස්ටික් මිසයිලයක් කඩාවැටී තිබේ.

ඒ හේතුවෙන් එහි නවතා තිබූ බස් රථ ගණනාවක් ගිනිබත් වූ බවයි වාර්තා වන්නේ

aruna

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home