Thursday, June 19, 2025

මම ඒක කරන්නත් පුලුවන් නොකර ඉන්නත් පුලුවන්

 


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා දිනයේදී ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය විසින් සිදු කරන ඉරානයේ දීර්ඝකාලීන න්‍යෂ්ටි අවි වැඩසටහන අක්‍රිය කිරීම සඳහා ගන්නා උත්සාහයට සහය වීමක් ලෙස ඉරානයේ භූගත න්‍යෂ්ටික කදවුරු වලට බෝම්බ ප්‍රහාර එල්ලකල යුතුදැයි තවමත් තමන් සලකා බලමින් සිටින බවය.

එසේම ඔහු අනතුරු අඟවා සිටියේ මෙම තීරණය ලබන දින කිහිපය තුළදී සිදුවිය හැකි බවය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපති මැදුරේ දකුණු උයනේ ස්ථාපනය කරනු ලබන විශාල කොඩියක බිම් පිහිටුම නිරීක්ෂණය කරන අතරතුර, හදිසි මාධ්‍ය හමුවක් ඇමතූ අවස්ථාවකදීය.

මෙම අවස්තාවේ ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

“මම කියන්නේ, මම ඒක කරයි කියලා ඔයා දන්නේ නැහැ. මම ඒක කරන්න පුළුවන්; මම ඒක නොකර ඉන්නත් පුළුවන්. මම කියන්නේ, මම මොකක්ද කරන්න යන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ.“

“මම එක දෙයක් කියන්න පුළුවන් — ඉරානයට දැන් ගොඩක් ප්‍රශ්න තියෙනවා.”

✅✅✅✅✅

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home