Thursday, June 19, 2025

වෛද්‍යවරයෙකුට මරු කැඳවූ අනතුර

 


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර පොලිස් වසමට අයත් තංගනගර් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

ඉන්ධන රැගෙන මඩකලපුව දෙසට ධාවනය වූ බවුසරයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ 59 හැවිරිදි වෛද්‍යවරයා මෙලෙස මිය ගොස් ඇත.

ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා පළමුව මුතූර් රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා ඇත.

මියගිය වෛද්‍යවරයාගේ දේහය දැනට සේරුනුවර රෝහලේ තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

✅✅✅✅✅✅

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home